Sunday, October 6, 2013

ඔබට තවමත් පෙම් කරමි මම

හිනැහුනෙමි මා
මාත් සමඟම..
දුටු දිනේ ඔබ
මුල් වතාවට..
සිතුවේ නැහැ මම
යයි කියා ඔබ..
පාරවා මට
මේ තරමටම..
වරද මගේ බව
දනිමි මම අද..
නමුත් ඇයි මේ
වේදනා මට..
හදේ සඟවා
කඳුළු හැමදින..
හිනැහුණා මම
ඔබත් සමගින..
සිතයි ඔබ මට
අමතකයි බව..
නමුදු තවමත්
පෙම් කරමි මම...


-අමන්දා ලියනගේ-


නොතේරෙයි මට තවමත්

යන්නට අතීතයට බිදක්..
වැසුවා නෙතු පියන් මොහොතක්..
සිත ගියා දුර ඈත ගමනක්..
අනන්තයටත් වඩා දුරක්..
දෙතොල් අතරින් සිනා රැල්ලක්..
දෙකොපුල් සිබිමින් කඳුළු ගංගාවක්..
සිනාසී..
හඬයි මොහොතක්..
නමුත් ඒ ඇයි දැයි කියා නොතේරෙයි මට තවමත්...


-අමන්දා ලියනගේ-

Saturday, October 5, 2013

ඔබ

මැණික් පරයන
නීල නෙත් යුග..
සිත්තමට ඔබියනා
සුකුමල දෙතොලත..
මුවසිනා නඟනවිට
දිළිසෙනා දත් දෙපළ..
සගවන්ට වෙර දරන
සුදු හංස ගෙල..
වශීකෘත වී මගේ හදවත
බලා සිටියා දෙනෙත් නොපියම..

නමුදු නොපෙනෙන ඔබේ හදවත
සුන්දරද මට පෙනෙන ලෙසටම.......


-අමන්දා ලියනගේ-


විඩාව

විඩාබර නෙතු
පියා ගන්නට
යෙදෙමි සටනක
ඔබ නිසා
මම
පියෙන නෙතු අග
ඔබේ රුව මට
මැවෙන්නේ ඇයි
මේ තරමටම ??
හඬමි
හිනැහෙමි
තැවෙමි
සැනෙසෙමි
නිමාවක් නැති
මතකයන් තුල
නමුදු දිනක,
සැතපෙන්නෙමි
ඒ මතකයන් තුලම
මම
කිසි දිනක නැවතත්
අවදි නොවන්නට...

-අමන්දා ලියනගේ-


සිහිනය

ඇදී යයි සිත ඈත දුරකට..
නිහඩ බව රජ කරන මොහොතක..
කොහේ යම්දෝ ඇසුවේ නැත මම..
දනිමි මම ඇය ඔබ දෙපා ලඟ..

මුව සිනා මැද කඳුළු මුතු කැට..
ඇඳී යයි දෙකබුල් පහස විඳ..
ඇයිද නොදනිමි හඬන්නේ මම..
කව්රු තැලුවේද අහිංසක සිත..

වරද ඔබේ නොව මගේමයි බව..
දනිමි නමුදුත් පෙම් කරමි තව..
සිහිනයක් බව දැන දැනම ඔබ..
අවදි වන්නට නොපතමි මම.....


-අමන්දා ලියනගේ-